Sunday, March 8, 2015

පහසුම නොව නිවැරදිම තීරණය

ජිවිතයේ ඇති වන බොහෝ ගැටලු වලදී ගත යුත්තේ පහසුම තීරණය නොව නිවැරදි තීරණයයි. පහසුම තීරණය ගැටලුවට මනා විසදුමක් ලෙස එම අවස්ථාවේ ඔබට පෙනෙන්නට පුළුවන. නමුදු පහසු විසදුම ගැනීමට ඔබ හුරු පුරුදු වූ විට සිදු වන්නේ ගැටලුව නැවත නැවත ඇති වීමයි. එලෙස ගැටලුව නැවත වරක් ඇති වූ විට ඔබ වටහාගත යුත්තේ ඔලුව කැක්කුමට කොට්ටය මාරු කිරීමෙන් පලක් නොවන බවයි. එවිට කලයුතු වන්නේ ඔලුව කැක්කුම සදහා අදාල  ඖෂද ලබා ගැනීමය. එලෙසම අදාල ගැටලුව ඇති වු විට කල යුත්තේ එය ඇති වීමට අදාල හේතුව සොයා ඒ සදහා ප්‍රතිකාර කිරීමය. එසේත් නොමැතිව දිගින් දිගටම කොට්ටයට වරද පටවා කොට්ටය මාරු කිරීමෙන් තාවකාලික සුවයක් ලැබුවද, ලොවට එය කොතරම් සාර්ථකද ප්‍රතිපලයක් යැයි පෙනුනද සිදු වන්නේ  දිර්ගකාලින වශයෙන් සිතට දැනෙන වරදකාරී හැගීමෙන් ස්ව  හෘද සාක්ෂියෙන් පසු තැවීමට සිදු වීමය.  එමෙන්ම එයින් අන් අයද දිර්ගකාලීන දුකට පත්වීමය. 

No comments:

Post a Comment